න්‍යෂ්ටික සබ්මැරීන ඉදිකිරීම සඳහා ඉඩම් හුවමාරු ගිවිසුමකට අත්සන් කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජය සමග එකගතාව පල කර තිබෙනවා.
ගිවිසුම් ප්‍රකාරව නම් කර ඇති ඉඩම්වල අදාළ ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර තුන්වන හයිඩ්‍රජන් බලාගාරය ඉදිකිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්බෝන් හි හෙක්ටයාර 60 ක භූමි ප්‍රමාණයක් තුල සබ්මැරීන් ඉදිකිරීම් අංගනයක් මෙන්ම පුහුණු පාසැලක් ඉදිකිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් සදහන් කළේ ඉදිරි මාස 05 ක කාලසීමාව තුළ ඉඩම් හුවමාරුව අධියර දෙකක් යටතේ සිදුකිරීමට නියමිත බවයි.
දකුණු ඔස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන නිශ්පාදන අංගනයක් ස්ථාපිත කිරීම විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි ආරක්‍ෂක අමාත්‍යවරයා අවධාරණය කළේ.
දකුණු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ හෙක්ටයාර 13 ක සහ හෙක්ටයාර් 38 ක බිම් කොටස් නිවාස ඉදිකිරීම් සදහා වෙන් කර ඇති අතර දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස ලබා දීමටද සැලසුම් කර ඇති බවයි.