
දෙවන භාෂාව ලෙස VCE උසස් තරග විභාගය සදහා චීන භාෂා වැරදි ප්‍රශ්ණ පත්‍ර ලබාදුන් බව පවසමින් සිසුන් ඇතුලූ දෙමාපිය පිරිසක් විනිවිදභාවයෙන් යුත් ප්‍රමාණවත් විසඳුම් ලබාදෙන්නැයි වික්ටෝරියානු අධ්‍යාපන සහතිකපත් අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව උසස් පාසැල් දෙකක මෙලෙස නියමිත ප්‍රශ්ණ පත්‍ර වෙනුවට වැරදි ප්‍රශ්ණ පත්‍ර සිසුන් වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව චීන දෙවන භාෂා උසස් තරග විභාගය සදහා පෙනි සිසුන් හට වෙනත් චීන දෙවන භාෂා විභාගයකට අයත් ප්‍රශ්න පත්‍රයි බෙදා දී ඇත්තේ.

මේ හේතුවෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අගතියට පත් සිසුන් හට සාධාරණයක් කරන මෙන් ඉල්ලා තිබෙනවා.
වැරදි ප්‍රශ්ණ පත්‍ර ලබා දීම සිසුන්ගේ වරදක් නොවන බැවින් අධ්‍යාපන බලධාරීන් නිසි විසදුම් ලබා දිය යුතු බවයි දෙමාපියන් පවසන්නේ.

දැඩි තරගකාරි විභාගයක් වන චීන දෙවන භාෂා VCE උසස් තරග විභාගය තුළ මෙවැනි අක්‍රමිකතා සිදුවීම අධ්‍යාපන පද්ධතියටම බලපෑම් එල්ල වන බව අධ්‍යාපන විශේෂඥයින් පවසනවා.
කෙසේ වෙතත් වික්ටෝරියානු අධ්‍යාපන සහතිකපත් අධිකාරිය මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නැහැ.