2025 වසර වන විට සයිබර් අපරාධ මැඩලීම සදහා වන පිරිවැය ඩොලර් ට්‍රිලියන 16.5 ක් දක්වා ඉහළ යනු ඇති බව ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර දිනෙන් දින සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මුදල් ඉපයීමේ අරමුණින් සයිබර් අපරාධකරුවන් ඕනෑම වංචනික ක්‍රියාවක් කිරීමට සුදානම් බවටයි හඳුනාගෙන ඇත්තේ.
ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුලූ රහසිගත දත්ත වෙත ප්‍රවේශවීම් වැනි වංචා සිදු කිරීම වර්තමානයේ සුලබ තත්වයකට පත්ව තිබෙනවා.
පසුගිය මූල්‍ය වර්ෂයේදී ලැබුණු සයිබර් අපරාධ පැමිණිලි සංඛ්‍යාව 76,000 ඉක්මවා ගොස් ඇති බවයි ඔස්ට්‍රේලියානු සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ.
එක් ව්‍යාජ ගිණුමක් ආරම්භ කිරීම ක්ෂණිකව බොහෝ සයිබර් අපරාධ වලට මුලපිරීමක් බවටද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.