ග්‍රීෂ්ම සෘතුවේදී නැවත වරක් ඔස්ට්‍රේලියාව තුළ විදුලි ගාස්තු ඉහළ යාමක් ?

එල් නිනෝ දේශගුණ විපර්යාසය හමුවේ ග්‍රීෂ්ම සෘතුවේදී නැවත වරක් ඔස්ට්‍රේලියාව තුළ විදුලි ගාස්තු ඉහළ යනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර දැඩි උණුසුමක් බලාපොරොත්තුවිය හැකි බැවින් වැඩි විදුලිය ප්‍රමාණයක් භාවිත වනු ඇති බවට තක්සේරු කර තිබීමයි ඊට හේතුව වන්නේ.

බලශක්ති සැපයුම්කරුවන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හමුවේ ඔවුන් විසින් ගාස්තු වැඩි කිරීමක් සිදුකරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

අගෝස්තු 01 වනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බලශක්ති සැපයුම්කරුවෙකු වන Energy Australia තීරණය කරනු ලැබුවා.

එක් එක් ප්‍රදේශය අනුව විදුලි ගාස්තු ඉහළ දැමීමේ අගයන්හි වෙනසක් සිදුවිය හැකි වුවද සාමාන්‍යයෙන් වසරකට ඩොලර් 305 ක පමණ ගාස්තු වැඩිවීමක් සිදුවිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »