රැඳවුම් භාරයේ සිටින අනවසර සංක්‍රමණිකයන්ට අධියර කිහිපයක් යටතේ නිදහස

සංක්‍රමණ රැඳවුම් නියෝග සම්බන්ධයෙන් මහාධිකරණය ලබාදුන් නියෝගය අනුව දැනට රැඳවුම් භාරයේ සිටින අනවසර සංක්‍රමණිකයන් අධියර කිහිපයක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මූලික අධියර යටතේ සරණාගතයින් 92 දෙනෙකු ඔවුන්ගේ මව් රටවල් වෙත යෑමවීමට සැලසුම් කර ඇති අතර දිගුකාලීන රැදවුම් භාරයේ සිටින තවත් පුද්ගලයින් 340 ක් ඉදිරියේ දී නිදහස් කිරීමට නියමිතයි.

දැනට පවතින සංක්‍රමණ රැඳවුම් නියෝග අභියෝගයට ලක්කරමින් ගොණුකල නඩුවක තීන්දුව මහාධිකරණය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

ඒ අනුව දින නියමයක් නොමැතිව සංක්‍රමණිකයින් රදවාගැනීම සංක්‍රමණික අයිතිවාසිකම් වලට පටහැනි බවයි මහාධිකරණය ප්‍රකාශ කලේ.

ආගමන විගමන අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් සදහන් කළේ මහාධිකරණ තීන්දු සලකා බලා ප්‍රජා ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් අදාළ නියෝග ඉටු කිරීමට තම රජය බැදී සිටින බවයි.

ඔස්ටේ්‍රලියානු සරණාගත මධ්‍යස්ථානය නිවේදනය කළේ සාමාන්‍යයෙන් සංක්‍රමණ රැඳවියන් දින 708ක් රැදවුම් භාරයේ සිටින අතර මේ වන විට තවත් සංක්‍රමණිකයින් 124 දෙනෙකු වසර 5කට වැඩි කාලයක් රැදවුම්භාරයේ සිටින බවයි.

වසර 20 ක් පමණ පැරණි සංක්‍රමණික නීති අවලංගු කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »