මෙල්බන් හි පලස්තීන – ඊශ්‍රායල ගැටුමක් පාලනයට ගම්මිරිස් ප්‍රහාරයක්

පලස්තීන හිතවාදී සහ ඊශ්‍රායල හිතවාදී දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ මෙල්බන් ගිණිකොන දිග ප්‍රදේශයේ හටගත් ගැටුමක් පාලනයට පොලිසිය ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පලස්තීන හිතවාදී අයෙකු විසින් පවත්වාගෙන යන බර්ගර් අවන්හලකට එල්ල වූ ප්‍රහාරයක් හෙළා දැකීම සඳහායි පළමුවෙන් විරෝධතාවයක් සංවිධාන කර තිබී ඇත්තේ.

අනතුරුව ඊශ්‍රායල ජාතික කොඩි රැගෙන පැමිණි පිරිසක්ද එහි උද්ඝෝෂණයක් පවත්වා ඇති බව සඳහන්.

මෙහිදී දෙපාර්ශවය අතර කිසියම් ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති අතර එය පාලනයට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ගම්මිරිස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගතවූ මාසයක පමණ කාලය තුළ සෑම සති අන්තයකදීම මෙල්බන් සහ සිඩ්නි නගරවල පලස්තීන සහ ඊශ්‍රායල හිතවාදී උද්ඝෝෂණ දක්නට ලැබුණා.

පොලිසියෙන් බව කියන දුරකථන ඇමතුමක් ගැන NSW ජනතාවට උපදෙසක්

නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයෙන් යැයි පවසමින් ලැබෙන ව්‍යාජ දුරකථන ඇමතුමක් පිළිබඳ ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා

Read More »

මෙල්බන් සහ සිඩ්නි අවට අඩු මුදලට නිවසක් සොයන අයට පණිවුඩයක්

සතියකට ඩොලර් 350 කට හෝ ඊට අඩු මුදලකට කුලියට ගත හැකි කුලී දේපල සහිත ප්‍රදේශ කිහිපයක් සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ටෙලියාවේ රැකියා කරන අයට බදු කාර්යාලයෙන් දැනුම්දීමක්

තම superannuation හැකි සෑම අවස්ථාවකම පරීක්ෂා කර බලන ලෙසට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වූවන්ගෙන් බදු කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියානුවන් දහස් ගණනකගේ පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයෙකුගේ අතට

වික්ටෝරියා ප්‍රාන්ත පරිසර ආරක්ෂණ අධිකාරියේ (EPA) බාහිර සම්බන්ධතා මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් විශාල පිරිසකගේ පුද්ගලික දත්ත වෙනත් පාර්ශවයක් විසින් ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »