
දිනකට අවම මිනිත්තු 05 ක් පමණ චලන ක්‍රියාකරකම් හී නිරතවීම හෘද රෝග පාලනය සදහා දායක වන බව නවතව අධ්‍යයනයකින් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව අසුනක වාඩි වී සිටීමට සාපේක්ෂව නිදාගෙන සිටීම සහ සිටගෙන සිටීම හෘද සෞඛ්‍ය සදහා වැඩි වාසි අත්වන බවයි සිඩ්නි විශ්ව විද්‍යාලය සිදුකර ඇති අධ්‍යයනයකින් හදුනාගෙන ඇත්තේ.
රටවල් පහක පුද්ගලයින් 15 246 යොදා ගනිමින් ක්‍රියාකාරකම් 06 ක් යටතේ දිනක් තුල සිදුකෙරෙන විවිධ චලන ඉරියව් මගින් හෘද සෞඛ්‍යට සිදුවන බලපෑම නිරීක්ෂණය කර තිබුණා.

දිනපතා දිවීම, වේගවත්ව ඇවිදීම, පඩිපෙල නැගීම බැසීම වැනි සුලු ක්‍රියාකාරකම් ඔස්සේ ද හෘද සෞඛ්‍ය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
මිනිත්තු දෙකක් හෝ තුනක් වැනි කෙටි කාලයක් තුල හෘද ස්පන්දන වේගය වැඩි වන මෙන්ම වේගවත් හුස්ම ගැනීම් හි නිරත ක්‍රියාකරකම් කිරීම පුද්ගල හෘද සෞඛ්‍ය වර්ධනය සදහා දායක වනු ඇති.

2021 වසරේ සිදුවු සෑම ගෝලීය මරණ තුනෙන් 01 ක් සදහාම හෘද ආශ්‍රිත රෝග බලපා ඇති අතර එම තත්වය තවදුරටත් මේ වන විට වර්ධනය වනු ඇතැයි සෞඛ්‍ය අංශ පුරෝකතනය කර තිබෙනවා.