ACT ප්‍රාන්ත නිවාස මුද්දර ගාස්තු සහනය තවත් පුලුල් කෙරේ

නිවාස මුද්දර ගාස්තු සහනය තවත් පුලුල් කිරීමට දීමට ACT ප්‍රාන්ත රාජය පියවර ගෙන තිබෙනවා.

මෙතෙක් ඩොලර් ලක්ෂ 07 කට ආසන්න වටිනාකමින් යුත් නිවාස සඳහා පමණක් එම මුද්දර ගාස්තු සහනය හිමිවු අතර ඉදිරියේ දී එම සහනය තවදුරටත් ව්‍යාප්ත වනු ඇති.

ඒ අනුව ඩොලර් ලක්ෂ 8 කට ආසන්න දේපලක් හිමි පුද්ගලයකුට අදාළ මුද්දර සහනය මගින් ඩොලර් 23,000 ක පමණ වාසි අත්වනු ඇති.

මේ හේතුවෙන් වැඩිවන නිවාස කුලි වියදම ද අඩුවනු ඇතැයි බලධාරීන් විශ්වාසය පල කරනවා.

අදාළ මුද්දර සහන ලබා ගැනීමට නම් අවම වශයෙන් පුද්ගලයින් අදාළ නිවසෙහි අවම මාස 12 ක කාලයක් රැදීසිටීම අනිවාර්ය වනු ඇති.

ඔස්ටේ්‍රලියානුවන් නව නිවසක් ගොඩනගා ගැනීමට සාපේක්ෂව කුලී නිවාස වෙත යොමුවීමේ ප්‍රවණතාවක් පවතින බව හදුනාගෙන තිබෙනවා.

මේ අතර ACT ප්‍රාන්තයේ අඩු ආදායම් ලාභි කාන්තාවන් සදහා නිවාස 22 ක් ද දැරිය හැකි මිල ගණන් යටතේ නිවාස 160 ක් ද ඇතුලත් නිවාස සංකීර්ණයක් ගොඩනැගීමට අදාළ අරමුල් වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

දැනට පවතින මුද්දර ගාස්තු සම්පූර්ණයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වුව ද එය කඩිනමින් ඉටුකිරීමට මූල්‍යමය ශක්‍යතාවක් නොමැති බවයි ප්‍රාන්ත රජය සඳහන් කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍රයෙන් වංචාවක්

ඔස්ට්‍රේලියාවේ ඩිජිටල් රියදුරු බලපත්‍ර සාමාන්‍යකරණය වෙමින් පවතින අතර ඊට සමගාමීව වංචනික ක්‍රියා ද ඉහළ ගොස් ඇති බව හෙළි වනවා.

Read More »

ත්‍රස්ත ක්‍රියාවක් බව කියන දේවස්ථානයේ පිහි ඇනුමට අවුරුදු 15ක ළමයෙක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නිහි පිහිටි ඕතඩොක්ස් ක්‍රිස්තියානි දේවස්ථානයකදී බිෂොප්වරයෙකුට සහ පුජකවරයෙකුට පිහියෙන් ඇනිමේ සිදුවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු මධ්‍යස්ථානයේ සැකකරු මෙල්ල කළ අයෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමිවෙයි

බොන්ඩායි ජන්ෂන් හි සාප්පු මධ්‍යස්ථානයේ පිහි ඇනුමට පැමිණි සැකකරු මෙල්ල කර ගැනීමට ඔහු සමග සටන් කළ ප්‍රංශ ජාතික තරුණයාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාදීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන තිබෙනවා.

Read More »

මොලී යළිත් හිමිකරුවන් වෙත

ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය පක්ෂියකු වූ මොලී යළිත් හිමිකරුවන් වෙත භාර දීමට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

Read More »