Search

Optus සිදුවීමත් සමග ඩිජිටල් ගණුදෙනු පමණක් සංකල්පයෙන් ඈත්වන්නැයි ඉල්ලීමක්

සාමාන්‍ය මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ගණුදෙනු සඳහා පමණක් යොමුවීම සාර්ථක නොවන බව ඔප්ටස් සේවා බිඳ වැටීමෙන් තහවුරු වන බව විද්වතුන් පවසනවා.

පසුගිය බදාදා ඔප්ටස් පද්ධතියේ ඇණහිටීමත් සමග අන්තර්ජාල මූල්‍ය ගණුදෙනු රැසකට බාධ මතුවු අතර ජනතාව අන්තර්ජාල ගණුදෙනු කෙරෙහි කළකිරීමට පත්ව ඇති බව සඳහන්.

අංශ රැසක ඔන්ලයින් ගණුදෙනු ඇණහිටීමත් සමග සම්ප්‍රදායික මූල්‍ය ගණුදෙනු වෙත යොමුවීමට ජනතාවට එහිදී සිදුවුණා.

මෙම සිදුවීමත් සමග සම්ප්‍රදායික මුල්‍ය ගණුදෙනු ක්‍රම තවදුරටත් ආරක්ෂා කරදෙන මෙන් පර්ශව රැසක් ඔස්ටේ්‍රලියානු බැංකු වලින් ඉල්ලීමක් කර තිබෙනවා.

විශේෂයෙන් බැංකු ශාඛාවන්හී පවතින ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර වසා දැමීමෙන් වළකින්නැයි බැංකු පද්ධති වෙතින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මූදල් රහිත සමාජයක් යන සංකල්පය මත පසුගිය මූල්‍ය වර්ෂය තුළ රට පුරා බැංකු ශාඛා 424 ක් සම්පූර්ණයෙන් වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බොහෝ පාර්ශව අවධාරණය කර ඇත්තේ රට තුල අන්තර්ජාල ගණුදෙනු වලට සාපේක්ෂව නැවතත් සම්ප්‍රදායික මුදල් හුවමාරු ක්‍රම වෙත ද ජනතාව දිරි ගැන්විය යුතු බවයි.

ඔස්ටේ්‍රලියාවේ 02 වන විශාලතම සන්නිවේදන සමාගම වන ඔප්ටස් සමාගමේ තාක්ෂණ පද්ධති දෝෂය හේතුවෙන් පසුගිය බදාදා දින පැය 13 කට ආසන්න කාලයක් මිලියන 10 කට අධික පිරිසක් දැඩි පීඩාවට පත්ව තිබුණා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »