පරාජයට හේතුව කණ්ඩායමෙන් පිටත කුමන්ත්‍රණයක් – සියලූ තොරතුරු දින 02 කින් හෙළිකරනවා

කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළද අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

ඔහු සඳහන් කළේ, ඒ ගැන දැඩි කනගාටුවක් ඇති බවයි.

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලූයම දිවයිනට පැමිණ තිබුණේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිටයි.

කණ්ඩායමේ එකමුතුකමක් නොතිබු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු කියාසිටියා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය පිටුපස එක්තරා කණ්ඩායමක් සිටි බවත්, ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල හමුවේ මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සඳහන් කලා.

මේ පිළිබඳ සියලූ තොරතුරු තවත් දින 02 කින් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් ශ්‍රී ලාංකීය ජනතාවට දැනගැනීමට සලස්වන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »