නැවතත් Facemask පළදින්නැයි NSW ප්‍රාන්තවාසීන්ට දැනුම්දීමක්

කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළයාමත් සමග නැවතත් මුව ආවරණ පළදින ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය සති දෙක තුළ සිදුකල PCR පරික්ෂණ අතුරින් සියයට 11 කට වැඩි ප්‍රමාණයක් කොවිඩ් 19 ආසාධිතයින් ලෙස හඳුනාගෙන තිබුණා.

එයින් වැඩි පිරිසක් කුඩා ළමුන් සහ වයස අවුරුදු 65 ඉක්මවු වැඩිහිටි පිරිස බවයි වාර්තා වන්නේ.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම, නියමිත දුරස්ථභාවය රඳවා ගැනීම, දෑත් සේදීම ඇතුලූ ආරක්ෂිත ක්‍රමෝපායන් නිරතුරු පිළිපදින ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.

සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ ආශ්‍රිත රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකිතාක් නිවෙස් තුල රැදී සිට අදාළ ප්‍රතිකාර වෙත යොමුවීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට හැකියාව පවතිනවා.

ඔස්ටේ්‍රලියාවේ බෝවන රෝග ලැයිස්තුවෙන් කොවිඩ් 19 රෝගය ඉවත් කිරීමත් සමග එම වෛරසයට අදාළ යාවත්කාලීන දත්ත එක්රැස් කිරීම ද නවතා ඇති අතර ඒ හේතුවෙන් රෝග ව්‍යාප්තිය පිළිබද අවධානය අඩුව ඇති බව සඳහන්.

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »