පැසිෆික් දූපත් රාජ්‍යයක් වන තුවාලු රාජ්‍යයේ සියලු ජනතාවට ඔස්ටේ්‍රලියාවට පැමිණ ස්ථිරවම පදිංචිවීමට අවස්ථාව හිමිවන නව ගිවිසුමකට අද අත්සන් තබා තිබෙනවා.
ඒ අනුව ඔවුන් වෙනුවෙන් පමණක් වන නව වීසා කාණ්ඩයක් ඉතාම නුදුරේදී හඳුන්වාදෙන බවයි අගමැති ඇන්තනී ඇල්බනීස් නිවේදනය කලේ.
සාගර ජල මට්ටම ඉහළයාම හමුවේ වැඩිම අවධානමකට ලක්ව සිටින දූපත් රාජ්‍යයක් ලෙසයි තුවාලු දිවයින සැළකෙන්නේ.
නව වීසා කාණ්ඩය යටතේ තුවාලු දූපත්වාසීන් 11,000 කට පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට – රැකියා කිරීමට සහ වාසය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.
කෙසේවෙතත් මෙලෙස වසරකට පැමිණීමට හැකිවන්නේ උපරිම 280 දෙනෙකුට පමණයි.