
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය අපේක්ෂා කල කාල වකවානුවට වඩා වැඩි කාලයක් ඉහළ යා හැකි බවට ෆෙඩරල් සංචිත බැංකුව විසින් පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව ලබන වසර තුළදීත් සියයට 3.5 හෝ ඊට වැඩි අගයක එය පවතිනු ඇති බවටයි අද නිකුත් වූ නවතම මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වන්නේ.
2025 වසරේ අගභාගයෙන් පසු මෙරට උද්ධමනය සියයට 03 කට වඩා අඩුවිය හැකි බවද එහි දක්වා තිබෙනවා.

කෙසේවෙතත් මීට මාස 03 කට පෙර ෆෙඩරල් සංචිත බැංකුව සිදුකල පුරෝකථනයේ දක්වා තිබුණේ ලබන වසරේ අගභාගය වනවිට උද්ධමනය සියයට 3.25 දක්වා අඩුවිය හැකි බවයි.
අනතුරුව 2025 වසරේදී එය සියයට 02 ත් 03 ත් අතර අගයකට තවදුරටත් පහළ යනු ඇති බවත් එහිදී අනාවැකි පළකෙරුණා.

උද්ධමනය ඉහළයාමට සමානුපාතිකව cash rate අගයද වැඩි කිරීමට සිදුවනු ඇති බවත් ෆෙඩරල් සංචිත බැංකුව සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ cash rate අගය වසර 12 කට පසු ඉහළම අගය වන සියයට 4.35 කයි මේ වනවිට පවතින්නේ.