
නිවු සවුත් වේල්ස් සහ ACT ප්‍රාන්තවල සිය වෙළඳසැල් වල අලෙවි කරන මුහුදු බෙල්ලන් (oyster) විශේෂයක් ආපසු කැඳවීමට Coles සුපිරි වෙළඳසැල් ජාලය කටයුතු කර තිබෙනවා.
ඒවායෙහි කල් ඉකුත්වීමේ දිනය ලෙස අද එනම් නොවැම්බර් 10 වනදායි සටහන් විය යුතුව තිබී ඇත්තේ.
එහෙත් මුද්‍රණ දෝෂයකින් එහි සටහන්වී ඇත්තේ නොවැම්බර් 30 වනදා ලෙසයි.

The Sydney City Oysters සහ Pacific Oysters යන වෙළඳ නාමයන්ගෙන් යුත් 12 pack ප්‍රමාණයේ මෙම නිෂ්පාදන පසුගිය 04 වනදාත් 08 වනදාත් අතර කාලයේදී වෙළඳපොළට නිකුත් කර තිබුණා.
අද දිනය තුළදී මෙය ආහාරයට ගැනීම සුදුසු නමුත් අද දිනයෙන් පසුව කිසිදු ආකාරයකින් පරිභෝජනයෙන් වළකින ලෙසයි Coles විසින් දන්වා සිටින්නේ.
