Search

කොන්ත්‍රාත් ගිවිසුම්ගත සේවකයන්ට ඔස්ට්‍රේලියා PR ගැනීම අසීරුවන නව රෙගුලාසියක්

නිශ්චිත කාලයක් සඳහා කොන්ත්‍රාත්ගතව සේවය කරන ඔස්ට්‍රේලියානු සේවකයන්ට බලපැවැත්වෙන පරිදි රෙගුලාසි සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ලබන දෙසැම්බර් 06 වනදා සිට බලාත්මක වන මෙම නව නීති 400,000 කට ආසන්න සේවක පිරිසකට අදාළ වනු ඇති.

මේ යටතේ කොන්ත්‍රාත් ගිවිසුමක උපරිම කාලය වසර 02 නොඉක්මවිය යුතු වනවා.

ගිවිසුමේ කාලය මාස 48 කට අඩු වුවද එය දීර්ඝ කිරීම (extend) හෝ අලුත් කිරීම (renew) එක් වරක් පමණක් සිදුකිරීමටයි සේවා යෝජකයන්ට අවස්ථාව හිමිවන්නේ.

නව රෙගුලාසිය අනුව සෑම වසර 02 කට වරක් නව කොන්ත්‍රාත් ගිවිසුමකට එළැඹීමට සේවකයන්ට සහ සේවා යෝජකයන්ට සිදුවන අතර වැටුප් ඇතුලු සේවා කොන්දේසි සියල්ල යාවත්කාලීන කල යුතුයි.

කොන්ත්‍රාත් ගිවිසුම් සේවකයන්ට එකම වැටුපකට දීර්ඝ කාලයක් සේවය කිරීමට සිදුවන අසාධාරණය මෙමගින් ඉවත්වීම ඔවුන් ලබන විශාල ජයක් ලෙසයි සැළකෙන්නේ.

කෙසේවෙතත් මේ හරහා විදෙස් සේවකයන්ට මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමට අසීරු වනු ඇති බවටද අනාවැකි පළවනවා.

fairwork ombudsman විසින් මිට අදාළව නිකුත් කල නියෝගය පහතින් –

https://www.fairwork.gov.au/newsroom/news/new-rules-for-fixed-term-contracts#time

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »