සේවා බිඳවැටීමට වන්දියක් ලෙස Optus පාරිභෝගිකයන්ට 200 GB නොමිළයේ ඩේටා

පැය 13 කට වැඩි කාලයක් පුරා පැවති සේවා බිඳවැටීම හමුවේ පාරිභෝගිකයන්ට ලබාදෙන වන්දියක් ලෙස ගිගා බයිට් 200 ක නොමිළයේ ඩේටා ලබාදීමට ඔප්ටස් සමාගම තීරණය කර තිබෙනවා.

සුදුසුකම් ලබන පසුගෙවුම් පාරිභෝගිකයන්ට – සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ට ලබන 13 වනදා සිට මෙම වරප්‍රසාදය අත්වනු ඇති.

එය ලබාගෙන අවසන් කිරීම සඳහා වසර අවසානය තෙක් කල් පවතින බවයි ඔප්ටස් සමාගම දන්වා සිටින්නේ.

කෙසේවෙතත් මෙම වන්දිය ප්‍රමාණවත් නොවන බව ඔප්ටස් පාරිභෝගිකයන් විශාල පිරිසක් පවසනවා.

මිලියන 10 කට ආසන්න පිරිසකට දවසකින් භාගයකට වැඩි කාලයක් අත්විඳීමට සිදුවූ පීඩා සඳහා ගිගාබයිට් 200 ක් ලබාදීමෙන් ඇති ඵලය කුමක්දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

මෙය වන්දියක් ලෙස සැළකිය නොහැකි බවත් පාරිභෝගිකයන් රැවටීමට ඔප්ටස් සමාගම ගන්නා එක් පියවරක් පමණක් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »