ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා සුපිරි වෙළඳසැල් දායකත්වය අවම මට්ටමක

දිරාපත් නොවන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා සුපිරි වෙළඳසැල්වල දායකත්වය අවම මට්ටමක පවතින බව නවතම වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ප්ලාස්ටික් සහ පොලිතින් ඇසුරුම් සහිත අයිතම වැඩි ප්‍රමාණයක් සුපිරි වෙළඳසැල් හි අලෙවිය සඳහා පවතින බවටයි චෝදනා එල්ල වන්නේ.

විනිවිදභාවය, ප්ලාස්ටික් ඇසුරුම් වලින් තොර වීම, නැවත නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය යන නිර්ණායක 04 මත පිහිටා ඔස්ට්‍රේලියානු සමුද්‍ර සංරක්ෂණ සංගමය මෙම වාර්තා නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාවේ කිසිදු සුපිරි වෙළඳසැලක් ඉහත නිර්ණායක සියල්ලට අනුකුලව සියයට සියයක් කටයුතු කිරීමට සමත්වී නැහැ.

යම්තාක් දුරකට හෝ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට උත්සාහ කරනුයේ ALDI වෙළඳසැල් ජාලය වන අතර, Coles 02 වන ස්ථානයටත්, Woolworths 03 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

ප්ලාස්ටික් වෙනුවට කඩදාසි ඇතුලූ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි විකල්ප භාවිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව Woolworths සඳහන් කර තිබෙනවා.

පසුගිය වසරේ අපද්‍රව්‍ය එක්රැස් කිරීම් වලින් හමුවු ප්ලාස්ටික් අතුරින් සියයට 39.4 ක් මෘදු ප්ලාස්ටික් ලෙස හඳුනාගෙන ඇති අතර සියයට 17.3 කට වැඩි ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ ආහාර ඇසුරුම් සඳහා භාවිත වු ප්ලාස්ටික් ඇසුරුම් වීම විශේෂත්වයක්.

කල් පැවැත්ම වෙනුවෙන් පළතුරු සහ එළවලූ ප්ලාස්ටික් මෙන්ම පොලිතින් මගින් ඇසුරුම් කිරීමට සුපිරි වෙළදසැල් පෙළඹවී ඇති අතර ඒ සදහා යම් නියාමනයක් ඇති කල යුතු බවයි පාරිසරික සංවිධාන අවධාරණය කර ඇත්තේ.

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »