Search

NSW කොවිඩ් 19 අවධානමක් පිළිබද යළිත් අනතුරු ඇගවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් 19 රෝග අවධානමක් පිළිබද සෞඛ්‍ය අංශ යළිත් අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 විවිධ විකෘති ප්‍රභේදයන් තවදුරයත් ප්‍රජාව අතර පවතින බැවින් මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සහිත රෝගීන් හැකි තාක් නිවෙස් තුළ රැදීසිට අදාළ ප්‍රතිකාර සදහා යොමුවන ලෙස දැනුවත් කර තිබෙනවා.

මේ දින වල නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රජාව තුළ කොවිඩ් 19 රෝගීන් හදුනා ගැනීමේ ඉහළ අගයක් පෙන්නුම් කෙරෙනවා.

වයස්ගත මෙන්ම අඩු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් හිමි පුද්ගලයින් නිරතුරු සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කිරිම මගින් ඇතිවිය හැකි අවධානම පාලනය කර ගත හැකි වනවා.

මේ අතර කොවිඩ් 19 අවදානම් සහිත කලාප ලෙස Northern Territory හි සියයට 45.1 වැඩි වීමක්ද බටහිර ඔස්ටේ්‍රලියානු කලාපයේ සියයට 43.7ක වැඩි වීමක්ද ලෙසයි සටහන්ව ඇත්තේ.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගැනුන ද මරණ සංඛ්‍යාවෙහි වර්ධනයක් පෙන්නුම් නොකරන බවයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත්තේ.

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »