හෙරොයින් භාවිතයෙන් මෙල්බන් යළි අංක 01 ට

ඔස්ට්‍රේලියාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය 2020 වසරේ සිට මේ දක්වා කාලසීමාව තුල ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

ඒ අනුව කොකේන්, අයිස් සහ කෙටමීන් යන නීති විරෝධි මත්ද්‍රව්‍ය අලෙවිය මෙන්ම භාවිතය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොකේන් භාවිතය ඉහළම අග නගරය ලෙස සිඩ්නි නම් කර ඇති අතර ටස්මේනියාව – ක්වීන්ස්ලන්ඩ් සහ වික්ටෝරියා ප්‍රදේශවලද සැළකියයුතු වර්ධනයක් පෙන්නුම් කරන බව සදහන්.

මිලියන 14 ක ජනගහනයක් වෙසෙන අගනගර කලාප කේන්ද්‍රකරගනිමින් අපජල සාම්පල ලබාගනිමින් අදාළ සමීක්ෂනය සිදු කර තිබෙනවා.

මේ අතර රට පුරා වැඩිම පරිභෝජනයක් සහිත නීති විරෝධි මත්ද්‍රව්‍ය ලෙස ගංජා හදුනාගෙන ඇති අතර හෙරොයින් පරිභෝජනය අතින් ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ මෙල්බන් නගරයයි.

කොකේන් මත්ද්‍රව්‍ය පුද්ගල ජීවිතයට වැඩි බලපෑමක් සිදු කෙරෙන අතර අයිස් මානසීක හා ශාරීරික සෞඛ්‍යට දැඩි තර්ජනයක් එක් කරන මත්ද්‍රව්‍ය ලෙසයි වෛද්‍යවරුන් නම් කර ඇත්තේ.

SOURCE : https://www.skynews.com.au/australia-news/crime/australias-drug-use-exposed-new-report-shows-cocaine-methamphetamine-and-ketamine-use-at-highest-rates-since-2020/news-story/744bb812c78d5b17f8b462bebe6665ed

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »