නිව් සවුත් වේල්ස් හි නව අභිරහස් COVID-19 සිද්ධීන් දෙකක් වාර්තා වීමත් සමඟ​ අවදානම් ප්‍රදේශ හයක් හඳුනා ගැනේ.

නිව් සවුත් වේල්ස් හි නව අභිරහස් COVID-19 සිද්ධීන් දෙකක් වාර්තා වීමත් සමඟ​ අවදානම් ප්‍රදේශ හයක් හඳුනා ගැනේ.

නිව් සවුත් වේල්ස් හි නව අභිරහස් COVID-19 සිද්ධීන් දෙකක් වාර්තා වී ඇති අතර, එදිනම සිඩ්නි ගුවන්තොටුපළ වෙත සහ ඉන් පිටත ජාත්‍යන්තර ගුවන් යානා පදවන පුද්ගලයෙකු වෛරසය සඳහා ධනාත්මක බව පෙන්නුම් කළේය.

එකිනෙකා සමඟ සමීප සම්බන්ධතා ඇති 60 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ 70 හැවිරිදි වියේ පසුවන පිරිමියෙකු මෙම කොරෝනා ආසාදිතයින් අතර වේ.

මෙම කොරෝනා සිද්ධීන් වාර්තා වීමත් සමඟම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශීය කොරෝනා වයිරස් සම්ප්‍රේෂණයකින් තොරව ගත කල දින 12 ක කාලය අවසන් කරයි.

මෙම ආසාදිතයින් සංචරණය කල ස්ථාන හඳුනා ගෙන ඇති අතර ඔවුන් සහභාගී වූ ස්ථාන ලැයිස්තුවක් නිව් සවුත් වේල්ස් රජය විසින් නිකුත් කර ඇත​.

පහත දැක්වෙන ස්ථානයන්ගෙන් එකකට ගිය ඕනෑම අයෙකු සමීප සම්බන්ධතාවයක් ලෙස සලකනු ලබන අතර පරීක්ෂාවට ලක් කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තෙක්  දින 14 ක් හුදකලා විය යුතුය.

Palm Beach female change rooms – දෙසැම්බර් 13 ඉරිදා උදේ 9.15 සිට
Coast Palm Beach Café, Palm Beach – දෙසැම්බර් 13 ඉරිදා, පෙ.ව. 10-11
Avalon Bowlo (bowling club), Avalon Beach – දෙසැම්බර් 13 ඉරිදා සවස 3 සිට 5 දක්වා
Sneaky Grind Café, Avalon Beach – දෙසැම්බර් 14 සඳුදා, 10.30 සිට 11 දක්වා

ඍණාත්මක ප්‍රතිඵලයක් ලැබෙන තුරු පහත ස්ථානයන්ගෙන් එකකට ගිය ඕනෑම අයෙකු කොරෝනා සඳහා පරීක්‍ෂා කර හුදෙකලා විය යුතුය:

Woolworths Avalon Beach  – දෙසැම්බර් 13 ඉරිදා සවස 12 සිට 5 දක්වා
Oliver’s Pie, Careel Shopping Village, Avalon Beach – දෙසැම්බර් 14 සඳුදා, පෙ.ව. 9 සිට 9.15 දක්වා

උතුරු වෙරළ තීරයේ සිටින ඕනෑම අයෙකුගෙන් රජය​ ඉල්ලා සිටින්නේ ඉතා සුළු රෝග ලක්ෂණ පවා නිරීක්ෂණය කරන ලෙසයි.

දේශීය පරීක්ෂණ සායන Mona Vale රෝහලේ සහ Narrabeen Clinical Labs Pathology හි පිහිටා ඇත.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »