Search

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල ටොයොටා Kluger 30,000 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදි අලෙවි කරන ලද ටොයොටා ක්ලූගර් වර්ගයේ වාහන 30,000 කට වැඩි සංඛ්‍යාවක් ආපසු කැඳවා තිබෙනවා.

2021 – 2023 වකවානුවේදී නිෂ්පාදනය කරන ලද වාහන මෙලෙස කැඳවා ඇත්තේ බම්පර් කවර් ආශ්‍රිත නිෂ්පාදන දෝෂයක් හේතුවෙනුයි.

(Kluger Hybrid AWD 2.5L, Kluger Petrol 2WD 2.4L, Kluger Petrol 2WD 3.5L, Kluger Petrol AWD 2.4L and Kluger Petrol AWD 3.5L)

වාහනය ධාවනය වෙමින් පවතින අවස්ථාවක අදාළ කොටස ගැලවී යාමට ඇති අවධානමත් සමග රිය අනතුරකට ලක්වීමේ ඉහළ අවධානම මීට බලපා තිබෙනවා.

බලපෑමට යටත්ව ඇති වාහන කාණ්ඩ සහිත පුද්ගලයන්ට ටොයොටා සමාගම විසින් මේ පිළිබඳව ලිඛිතව දන්වා ඇති අතර අදාළ දෝෂ නොමිළයේ යථා තත්වයට පත්කරගැනීමටද අවස්ථාව ලබාදී ඇති බව සඳහන්.

එමෙන්ම 1800 987 366 දුරකථන අංකය අමතා ටොයොටා හදිසි ඇමතුම් අංශය සමග සම්බන්ධවීමටද අවස්ථාව පවතිනවා.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »