Search

ඔස්ට්‍රේලියාව තුළ ජල තටාක ආශ්‍රිතව කුඩා ළමුන්ට සිදුවන අනතුරු 03 ගුණයකින් ඉහළට

ඔස්ට්‍රේලියාව තුළදී ජල තටාක ආශ්‍රිතව කුඩා ළමුන්ට සිදුවන අනතුරු සංඛ්‍යාව 03 ගුණයකින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 05 ට අඩු දරුවන් මින් වැඩි අවදානමකට ලක්ව ඇති අතර දෙමාපියන් මේ පිළිබද අවධානයෙන් පසුවන ලෙසයි ජීවිතාරක්ෂක අංශ උපදෙස් දී ඇත්තේ.

ඒ අනුව පසුගිය වසර 20 ක කාලසීමාව තුළ වයස අවුරුදු 05 ට අඩු කුඩා ළමුන් 549 ක් තටාක ආශ්‍රිත දියේ ගිලීම් හේතුවෙන් මිය ගොස් ඇති අතර ඉන් මරණ 222 ක් වයස අවුරුදු 01 ට අඩු දරුවන් වීම විශේෂත්වයක්.

මෙලෙස මියගිය ළමුන් අතුරින් 89 දෙනෙකු නිවෙස් තුළ පිහිටි අනාරක්ෂිත තටාක වලට වැටී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් නිවස ආශ්‍රිත අනාරක්ෂිත තටාක ඉදිකිරීම හා දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් කුඩා ළමුන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බවයි රාජකීය ජීවිතාරක්ෂක අංශය පවසන්නේ.

ග්‍රීෂ්ම සෘතුව යෙදී ඇති දෙසැම්බර් මස සිට පෙබරවාරි මස දක්වා කාල සීමාව තටාක ආශ්‍රිත අනතුරු වැඩිම කාලවකවානුව ලෙස නම් කර ඇති අතර එම වකවානුවේදී අදාළ අනතුරු සංඛ්‍යාව සෙසු මාසවලට සාපේක්ෂව සියයට 40 කින් පමණ ඉහළ අගයක පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

දියේ ගිලීම් හේතුවෙන් සෑම වසරකම වයස 05 ට අඩු ළමුන් සාමාන්‍යයෙන් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වන අතර අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන් නිරතුරු ක්‍රියාත්මක කිරීමට රාජකීය ජිවිතාරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »