Search

සතියක් තුළ ඇදුම හේතුවෙන් වික්ටෝරියාවේ 200 කට වැඩි පිරිසක් රෝහල්ගත කරයි

අකුණු සහිත කාළගුණය හමුවේ සතියක් තුළදී ඇදුම සම්බන්ධ රෝගාබාධ හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ 200 කට වැඩි පිරිසක් රෝහල්ගත කර තිබෙනවා.

එය සාමාන්‍ය අගයට වඩා 05 ගුණයක පමණ ඉහළයාමක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා වායුගෝලයේ පිදුරු සහ මල් පරාග ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබීමයි මීට හේතුව වන්නේ.

සුළං සමග ඒවා ප්‍රාන්තය පුරා වායුගෝලයේ පැතිරයාම රෝගීන් සංඛ්‍යාව ඉහළයාමට හේතුවී තිබෙනවා.

ඇදුම රෝගීන්ට හැකිතාක් නිවෙස් තුළටම වී සිටින ලෙසත් වෛද්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් දන්වා සිටිනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »