
2023 වසරේ මේ දක්වා ගතවු කාලසීමාව තුල වියළිතම කාලයගුණයක් සහිත කාලය අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වාවු කාලසීමාව බවට ඔස්ට්‍රේලියා කාලගුණ විද්‍යා කාර්යාංශය මගින් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව 1990 වසරෙන් පසු වාර්ගතවු පස්වන අඩුම වර්ෂාපතනයක් සහිත මාසය ලෙස පසුගිය ඔක්තෝබර් මස නම්කර තිබීම විශේෂත්වයක්.
සමස්ථ වර්ෂාපතනය සියයට 65.4 කින් පහත වැටී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයේ හැර සෙසු සියලූම ප්‍රාන්තයන්හි වර්ෂාපතනය සාපේක්ෂව පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

1900 වසරෙන් පසු බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත වු අවම වර්ෂාපතනය මෙම වසරේදී සටහන්ව ඇති අතර එම අගය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා සියයට 83.5 කින් පහත වැටී තිබීම විශේෂත්වයක්.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාමාන්‍ය වර්ෂාපතනය සියයට 83.8 කින් ද දකුණු ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය වර්ෂාපතනය සියයට 76.4 කින් පහත වැටී ඇති බව කාලගුණ අංශ පවසනවා.

අගෝස්තු මස සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 22.63 ක් ලෙස සටහන්ව ඇති අතර එම කාලය තුළ ප්‍රාන්ත ගණනාවක ජනතාව නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්.
මේ හේතුවෙන් කෘෂිකර්මාන්තයේ නිරත පවුල් ගණනාවක් මූල්‍යමය අස්ථාවරත්වයකටද පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
පවතින එල් නිනෝ තත්වය ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.