
ඔස්ට්‍රේලියාව තුළදී කුලී රථ රියදුරන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව නවතම සංඛ්‍යාලේඛණ මගින් හෙළිව තිබෙනවා.
මෙම වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වු මාස 08 ක කාලය තුල වාර්තාවී ඇති පහරදීම් සංඛ්‍යාව 860 ඉක්මවා ඇති බව සඳහන්.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව පහරදීම් සංඛ්‍යාව 200 කින් පමණ වැඩිවී ඇති බවයි පැවසෙන්නේ.

මින් වැඩිම පහරදීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මෙල්බන් නගරයෙන් වන අතර එය 381 ක්.
2022 වසරේදී සටහන්වී තිබුණේ පහරදීම් 319 ක් පමණයි.

පසුගිය වසරේ 170 ක් ලෙස පැවති සිඩ්නි පහරදීම් ගණන 233 දක්වාද – ගිය වසරේ 119 ක් ලෙස පැවති බ්‍රිස්බන් පහරදීම් සංඛ්‍යාව මෙම වසරේදී 192 දක්වාද ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කුලී රථ රියදුරන් සදහන් කර ඇත්තේ තියුණු ආයුධ වලින් පහරදීම්, වාහනයෙන් ඇද දැමීම් ඇතුලූ ප්‍රචණ්ඩක්‍රියා රැසකට තම වෘත්තීය ජීවිතය තුල අත්දැකීමට සිදුව ඇති බවයි.
මේ තත්වය මත අදාළ කුළි රථ සංගම් තම රියදුරන්ගේ ආරක්ෂාව තර කිරීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත් සුහදශීලි සේවාවක් සදහා කුළී රථ තුල සුහදශීලි ආමාන්ත්‍රණ සහිත යෙදුම් භාවිත කිරීමට ඇතැම් සමාගම් පියවර ගෙන ඇති බව ද සඳහන්.