ක්වීන්ස්ලන්ඩ් පාසල් සතියකට දින 04 ක් පමණක් පැවැත්වීමේ යෝජනාවකට අනුමැතිය

ක්වීන්ස්ලන්ඩ් පාසල් සතියකට දින 04 ක් පමණක් පැවැත්වීමේ යෝජනාවකට ප්‍රාන්ත රජය අනුමැතිය දී තිබෙනවා.

ලබන වසරේ පළමු පාසල් වාරයේ සිට ඒ සඳහා අනුගමනය කල යුතු නියාමන උපදෙස් මාලාවක් ප්‍රාන්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අද දිනයේදී පාසල් වෙත යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

පාසල් කිහිපයක් පමණක් යොදා ගනිමින් මීට අදාළ නියමු ව්‍යාපෘතියක් මෙම වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය මතයි ප්‍රාන්තයේ සියලුම පාසල් සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය වී ඇත්තේ.

දින 04 ක පාසල් සතිය හරහා ගුරුවරුන්ට මෙන්ම සිසුන්ට පවතීන පීඩනය අවම කිරීම ප්‍රධාන ඉලක්කය වී ඇති අතර පාඩම් සඳහා සූදානම් වීමට වැඩි කාලයක් ලබාදීමද අපේක්ෂිතයි.

පාසල් ආරම්භ කරන සහ අවසන් කරන වේලාවන් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලතල පාසල් ප්‍රධානීන්ට පවරා තිබීමද විශේෂත්වයක්.

මේ අතර මාස 02 ක් තුළ 02 වන වරටත් දකුණු ඔස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරුන් අද වර්ජනයක නිරත වුණා.

අද වර්ජනය හේතුවෙන් පාසල් 171 ක ඉගැන්වීම් අඩාලවූ බව සඳහන්.

ප්‍රාන්ත රජය විසින් ලබාදීමට පොරොන්දු වූ සියයට 05 ක වැටුප් වර්ජනය ප්‍රතික්ෂේප කරමිනුයි ඔවුන් මෙලෙස පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සැළසුම් කර ඇත්තේ.

පළමු වසර තුළදී සියයට 8.6 ක වැටුප් වර්ධකයක් ගුරුවරුන් විසින් ඉල්ලා සිටින අතර ඉදිරි වසර 02 තුළදී සියයට 5.5 ක වර්ධකයක් අපේක්ෂා කරනවා.

පිහියකින් සන්න්ධ වූ මෙල්බන් කාන්තාවට පොලිසියෙන් වෙඩි

මෙල්බර්න් තෝන්බරි ප්‍රදේශයේදී පිහියකින් සන්නද්ධව සිටි කාන්තාවකට පොලිසිය කළ වෙඩි තැබීමකින් ඇය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

පිහි අපරාධ පාසල්වලටත් පැතිරෙයි?

බටහිර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස්හි (Goldfields) පාසලකදී සිසුවෙක් විසින් පිහියක් පෙන්වා තවත් සිසුවෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බටහිර ඔස්ට්‍රේලියා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රතිචාර පිළිබඳ දෙමාපියන් කනස්සල්ල පළ කර තිබෙනවා.

Read More »

මෙල්බන් සුපිරි වෙළඳසැල් කොල්ලයේ තවත් තොරතුරු එළියට

මෙල්බර්න් නගරයේ සුපිරි වෙළඳසැල් හතරකට තියුණු ආයුධ සහිතව කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායම හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකා කණ්ඩායම සමාව ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමස්ත ක්‍රීඩා ලෝලීන්ගෙන් මෙන්නම රටෙන්ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

Read More »

උපන් දිනය පෙනි පෙනී “සිඩ්නි” ගුවන් යානයේදී මියයයි

චිකාගෝ වෙත ගමන් කරමින් තිබූ ගිය ස්කයිවෙස්ට් ගුවන් යානයකදී අට හැවිරිදි දැරියක් හදිසියේ මිය යාම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට තියුණු ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග අද පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් රැස් කළා. පන්දු යැවීමේදී ග්ලේන් මැක්ස්වෙල් කඩුලු 2ක් බිඳහෙලුවා. පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. Travis Head ලකුණු 68ක් ලබා ගත්තා. මේ

Read More »