ඔස්ට්‍රේලියා අනවසර සංක්‍රමණිකයන් දින නියමයක් නොමැතිව රඳවා ගැනීම නවතී

ඔස්ට්‍රේලියාවට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම නීති විරෝධි බවට මහාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා.

නීති විරෝධි ලෙස පැමිණෙන සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමට රටක් නොමැතිවිට දින නියමයක් නොමැතිව මෙරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තැබිය හැකි බවට 2004 වසරේදී ලබාදී තිබූ අධිකරණ තීන්දුව මෙම නියෝගයත් සමග අහෝසි වනු ඇති.

මියන්මාරයේ සිට පැමිණි රෝහිංග්‍යා සරණාගතයෙකු විසින් ගොණු කල අභියාචනයක් සළකා බැලීමෙන් අනතුරුවයි මහාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ.

නව තීන්දුවත් සමග ඔස්ට්‍රේලියාව තුළ රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක දින නියමයක් නොමැතිව රඳවා සිටින අනවසර සංක්‍රමණිකයන් 90 දෙනෙකු පමණ වහා නිදහස් කිරීමට නියමිතයි.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව තුළ රැඳවුම් කඳවුරක අනවසර සංක්‍රමණිකයෙකු සිටින කාලය දින 708 ක් ලෙසටයි ගණන් බලා ඇත්තේ.

එහෙත් වසර 05 ඉක්මවා රැඳවුම් කඳවුරුවල සිටින 124 දෙනෙකු ද වන බව සඳහන්.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »