Search

ඔප්ටස් බිඳවැටීම සම්බන්ධයෙන් ෆෙඩරල් විමර්ශනයක්

පැය 12 කට වැඩි කාලයක් පැවති ඔප්ටස් සන්නිවේදන සේවා බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

සන්නිවේදන කටයුතු ඇමතිනී මිචෙල් රෝලන්ඩ් සඳහන් කලේ මෙතරම් දීර්ඝ කාලයක් යනතුරු සේවා යථා තත්වයට පත් කිරීමට නොහැකිවූයේ ඇයිද යන්න පිළිබඳ එහිදී විමසා බලන බවයි.

එමෙන්ම අගතියට පත් පාරිභෝගිකයන්ට වන්දි ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන්ද සොයා බලමින් සිටින බව ඇය වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ඔස්ටේ්‍රලියානු විද්‍යුත් සහ සන්නිවේදන අධිකාරිය විසින්ද මෙම සිදුවීමට අදාළව වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බිඳවැටීම පැවති කාලසීමාවේදී ඔප්ටස් ස්ථාවර දුරකථන හරහා 0-0-0 හෙවත් ට්‍රිපල් සීරෝ ඇමතීමට නොහැකිවිම පිළිබඳවයි එහිදී අවධානය යොමු කෙරෙන්නේ.

මෙම සියලු විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි ඔප්ටස් සමාගම දැනුම් දී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »