Search

2021-22 දී මහා පරිමාණ සමාගම් 831 ක් කිසිදු බදු මුදලක් ගෙවා නෑ

2021-22 මූල්‍ය වර්ෂයේදී මහා පරිමාණ සමාගම් 831 ක් විසින් කිසිදු බදු මුදලක් ගෙවා නොමැති බවට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

සමාගම් 2,713 ක මූල්‍ය වාර්තා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුවයි මෙම තොරතුරු හෙළීකරගෙන ඇත්තේ.

මින් බහුතරය පතල් කර්මාන්තය සහ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ සමාගම් බවටද හඳුනාගෙන තිබෙනවා.

විමර්ශනයට ලක්වු සමාගම් 2,713 න් 245 ක් විසින් පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 84 ක ආදායම් බදු ගෙවා ඇති අතර එය පෙර වසරට වඩා ඩොලර් බිලියන 15.2 ක හෙවත් සියයට 22 ක ඉහළයාමක් වනවා.

මේ අතුරින්ද බහුතරයක් පතල් කර්මාන්තයට සම්බන්ධ සමාගම් වීම විශේෂත්වයක්.

2022-23 වසරට අදාළව මහජනතාවගෙන් ලැබී ඇති බදු ආදායම ඩොලර් බිලියන 6.4 ක් වන අතර එය වාර්තාගත ආදායමක් බවයි ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතයේ දැවැන්ත පාඩුවක් ගැන පළමු වරට අනාවරණයක්

ඔස්ට්‍රේලියාව තුළ න්‍යෂ්ඨික බලශක්ති භාවිතය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට සාපේක්ෂව දෙගුණයකින් පමණ මිලෙන් අධික වන බව නවතම වාර්තාවකින් හෙළිදරව් වී තිබෙනවා.

Read More »

වසර 30 කට පසු Emirates මෙල්බන් ගුවන් සේවා අඩු කරන්න යයි

Emirates ගුවන් සමාගම විසින් වසර 30 කට පසු ඔස්ට්‍රේලියා මහද්වීපය සහ ආසියා මහද්වීපය අතර දිවෙන ප්‍රසිද්ධ ගුවන් ගමන් මාර්ගයක සිය සේවාවන් අත්හිටුවා තිබෙනවා.

Read More »

සතිය ආරම්භයේ ඔස්ට්‍රේලියානු $ අගය තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 09) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »