වසර 30 කට පසු ඔස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව පහළයාමක

වසර 30 කට පසු ඔස්ට්‍රේලියානුවන්ගේ ආයු අපේක්ෂාව පහළයාමක් සටහන් වී තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත්කර ඇති දත්ත අනුව මේ වනවිට මෙරට පුරුෂයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 81.2 ක් ලෙසද කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 85.3 ක් ලෙසද පවතිනවා.

කෙසේවෙතත් 1992 වසරේ සිට 2021 දක්වා එය පිළිවෙලින් පුරුෂයන් සඳහා අවුරුදු 74.5 සිට 81.3 දක්වාද කාන්තාවන් සඳහා අවුරුදු 80.4 සිට 85.4 දක්වාද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණා.

2021 න් පසු ආයු අපේක්ෂාව පහළයාමට ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ සිදුවූ මරණ සංඛ්‍යාවයි.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ඉහළම ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන්ද අවම ආයු අපේක්ෂාව ප්‍රාන්තයෙන්ද වාර්තා වනවා.

2022 වසරේදී මෙරටින් වාර්තා වූ පුද්ගල මරණ අතුරින් සියයට 56 ක් පමණ අවුරුදු 80 ට වැඩි වයස් කාණ්ඩයේ බවද සංඛ්‍යාලේඛණ කාර්යාංශ දත්ත වාර්තාවල දැක්වෙනවා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »