ෆෙඩරල් රජයේ නිවාස ලක්ෂ 12 ඉලක්කය සපුරා ගැනීම අසීරු බවට පුරෝකථනයක්

2029 වසර වනවිට නිවාස ලක්ෂ 12 ක් ඉදි කිරීමේ ෆෙඩරල් රජයේ ඉලක්කය සපුරා ගැනීම අසීරු වනු ඇති බවට පුරෝකථනයක් සිදුකර තිබෙනවා.

සංචිත බැංකුව විසින් සිදුකරන පොළී අනුපාතික වෙනස්කම් සමග ලබන වසර වනවිට ඉදි කිරීම් කර්මාන්තයේ දැවැන්ත පසුබෑමක් දැකගත හැකි වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ටේ්‍රලියාව දැනට මුහුණ දී සිටින ප්‍රධාන ගැටලු අතුරින් ප්‍රමුඛස්ථානයක් ගෙන ඇත්තේ නිවාස අර්බුදයයි.

ඒ අනුව ඉදිරි වසර 05 තුළදී නිවාස ලක්ෂ 12 ක් ඉදි කර අවසන් කිරීමටයි ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන් විසින් පසුගිය අගෝස්තු මාසයේදී තීරණය කරනු ලැබුවේ.

කෙසේවෙතත් විදේශීය ආයෝජන අඩුවීම ඇතුලු කරුණු කිහිපයක් මත මෙම ඉලක්කය සපුරා ගැනීම ගැටලු සහගත බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »