Search

කුළී වැඩි කරන බිය නිසා ඔස්ට්‍රේලියානුවන් 1/3 ක් landlord මග හරී

කුළියට නිවාසවල සිටින ඔස්ට්‍රේලියානුවන් අතුරින් 1/3 ක් පමණ නිවාස හිමියන් (landlord) සම්බන්ධ කර ගැනීම සිතාමතා අතපසු කරන බව නවතම සමික්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් විසින් නිවාස කුළී ඉහළ දමනු ඇතැයි යන බිය ඊට හේතුව බවයි ෆයින්ඩර් ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකදී හෙළිකරගෙන ඇත්තේ.

නිවාසවල අලුත්වැඩියා සිදුකිරීමට ඇතත් ඒ සම්බන්ධයෙන් නිවාස හිමියන් දැනුවත් කිරීමට පසුබට වන කුළී නිවැසියන්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 27 ක් ලෙසයි.

ඔක්තෝබර් මාසය තුළදී කුළී ගෙවීමේ අපහසුතා පැවති පිරිස සියයට 42 ක් ලෙස සටහන් වී තිබෙනවා.

මෙහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ දැනට අවුරුදු 40 ත් 60 ත් අතර පසුවන පිරිසට වන අතර එහි ප්‍රතිශතය සියයට 38 ක්.

කෙසේවෙතත් ෆයිනඩර් ආයතනය දන්වා සිටින්නේ නිවාස කුළී එකගතා අනුව කටයුතු කිරිම වඩාත් යෝග්‍ය බවයි.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »