ඇණහිට තිබූ මෙල්බන් දුම්රිය සේවා යළි ඇරඹේ

පැය කිහිපයක් අඩාලවී තිබූ මෙල්බන් නගරයේ දුම්රිය සේවා නැවත ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් එය තවමත් මුලුමණින්ම යථා තත්වයට පත්වී නොමැති අතර තවදුරටත් විකල්ප ප්‍රවාහන මාධ්‍ය වෙත යොමුවන්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

අද පෙරවරුවේ සිට මෙල්බන් නාගරික කලාපය තුළ දුම්රිය සේවා බිඳවැටී තිබුණේ සන්නිවේදන දෝෂයක් හේතුවෙනුයි.

ඊට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති නමුත් ඔප්ටස් සමාගමේ තාක්ෂණික දෝෂය ඒ සඳහා බලපා ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර ඔප්ටස් සේවා ක්‍රියාත්මක නොවීම හමුවේ ටෙල්ස්ට්‍රා ඇතුලු අනෙකුත් දුරකථන සේවා භාවිත කරන්නන් සංඛ්‍යාව ඉහළගොස් තිබෙනවා.

එකවර විශාල පිරිසක් යොමුවීම හමුවේ එම සේවාවලද ප්‍රමාදයන් හටගෙන ඇති බව සඳහන්.

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »