මාස 02 ක් තුළ 02 වන වරටත් දකුණු ඔස්ට්‍රේලියා ගුරුවරුන් අද වර්ජනයක

මාස 02 ක් තුළ 02 වන වරටත් දකුණු ඔස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරුන් අද වර්ජනයක නිරත වනවා.

ප්‍රාන්ත රජය විසින් ලබාදීමට පොරොන්දු වූ සියයට 05 ක වැටුප් වර්ජනය ප්‍රතික්ෂේප කරමිනුයි ඔවුන් මෙලෙස පැය 24 ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සැළසුම් කර ඇත්තේ.

ඔවුන් විසින් පළමු වසර තුළදී සියයට 8.6 ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින අතර ඉදිරි වසර 02 තුළදී සියයට 5.5 ක වර්ධකයක් අපේක්ෂා කරනවා.

ගුරු සංගම් නියෝජිතයන් අතර පැවති ඡන්ද විමසීමකදී සියයට 83 ක් වර්ජනයකට යොමුවීමට කැමැත්ත පළකර තිබුණා.

පසුගිය සැප්තැමබර් මාසයේ පැවති ගුරු වර්ජනය හමුවේ දකුණු ඔස්ට්‍රේලියාවේ පාසල් 167 ක අධ්‍යයන කටයුතු සඳහා බලපෑම් එල්ල වූ අතර අද වර්ජනය හේතුවෙන් පාසල් 171 ක ඉගැන්වීම් අඩාල වනු ඇති බවයි පැවසෙන්නේ.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »