Search

Optus තාක්ෂණ දෝෂයක් හේතුවෙන් සේවා රැසක් බිඳවැටේ / 0-0-0 සඳහාත් බලපෑම්

ඔස්ටේ්‍රලියාවේ 02 වන විශාලතම සන්නිවේදන සමාගම වන ඔප්ටස් සමාගමේ තාක්ෂණ පද්ධති දෝෂයක් හේතුවෙන් සමස්ත රට පුරා සේවා රැසක් බිඳවැටී තිබෙනවා.

බැංකු – ප්‍රවාහන – රෝහල් – ව්‍යාපාරික ස්ථාන දහස් ගණනක් ඒ අතර වන බව සඳහන්.

අද අලුයම 04 පමණ සිට මෙම බිඳවැටීම් වාර්තා වී ඇති අතර ඔප්ටස් සබඳතා සහිත ජංගම දුරකථන – ස්ථාවර දුරකථන මෙන්ම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සියල්ල ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දෝෂය කඩිනමින් යථා තත්වයට පත් කරන බවයි ඔප්ටස් සමාගම දන්වා ඇත්තේ.

ජංගම දුරකථන මගින් 0-0-0 (ට්‍රිපල් සීරෝ) ඇමතිය හැකි වුවද ස්ථාවර දුරකථන හරහා එය ඇමතිය නොහැකි බවටද තහවුරු කරගෙන තිබෙනවා.

2022 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන ගණනකගේ දත්ත අවභාවිත වී තිබුණා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »