$ මිලියන 9 ක රන් වැසිකිලි කට්ටලය සොරකම් කිරීමේ සිද්ධියට 04 ක් අත්අඩංගුවට

මහා බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන වින්ස්ටන් චර්චිල් උපන් බ්ලෙන්හෙම් මාළිගයේ සවිකර තිබු ඩොලර් මිලියන 9 ක වටිනාකමකින් යුත් රන් වැසිකිලි කට්ටලයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වසර 04 කට පෙර එනම් 2019 වසරේ දී කැරට් 18 වර්ගයේ රන් වැසිකිලි කට්ටලයක් කොල්ලකැමට ලක්වු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ නැහැ.

සැකකරුවන් වයස අවුරුදු 35 ත් 39 ත් අකර වියෙහි පසුවන්නන් වන අතර සොරකම් කිරීම, කුමන්ත්‍රණය කිරීම හා දේපළ කොල්ලකැම් යන චෝදනා ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව තිබුණා.

බ්ලෙන්හෙම් මාළිගය 2019 දී ජනතාවට විවෘත කිරිමත් සමග අදාළ රන් වැසිකිලි කට්ටලය මිනිත්තු තුනක කාලයක් සදහා භාවිත කිරීමට එක් එක් පුද්ගලයින්ට අවස්ථාව ලබාදීමත් සමග සැකකරුවන් සූක්ෂම ලෙස යාබද ජනේලයක් උපයෝගි කර ගනිමින් එය පිටතට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

සොරකමට ලක්වු අදාල වැසිකිලි කට්ටලය මෙතෙක් සොයාගැනීමට නොහැකි ව ඇති අතර බ්‍රිතාන්‍ය පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ වැසිකිලි කට්ටලය පැවති ආකාරයෙන් සොයා ගැනීම අභියෝගයක් වන බවයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවැම්බර් මස 28 වෙනිදා ඔක්ස්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »