
කොවිඩ් වසංගත සමයේ ඔස්ට්‍රේලියාව කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ බලතල පුලුල් කර තිබෙනවා.
ඒ අනුව එවක සිටි ප්‍රාන්ත අගමැතිවරුන් විසිනු ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳවද ගැඹුරින් විමසා බැලීමටයි නියමිතව ඇත්තේ.
ලොක්ඩවුන් පැණවීම් – පාසල් වසා දැමීම් සහ ඇඳිරි නීති නියෝග පිළිබඳවද ඒ අනුව අවධානය යොමු කෙරෙනු ඇති.

කොවිඩ් වසංගත සමයේ සිටි ප්‍රාන්ත අගමැතිවරුන් අතරින් තවමත් එම තනතුරෙහි කටයුතු කරනු ලබන්නේ ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය පමණයි.
ඒ අනුව එවක සිටි ප්‍රාන්ත ප්‍රධානීන් ද මෙම විමර්ශන කමිටුව හමුවට ගෙන්වනු ඇති බවටයි වාර්තා පළවන්නේ.
