ඔස්ට්‍රේලියානුවන්ගෙන් 80% කට වැඩි පිරිසක් ඉන්ධන හා බලශක්ති සහන ඉල්ලයි

ජීවන වියදම පාලනයට බලශක්ති මෙන්ම ඉන්ධන ගාස්තු සඳහා යම් සහනයක් ජනතාව ෆෙඩරල් රජයෙන් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

මතවිමසුම සදහා සහභාගී වුවන් අතුරින් බහුතරයක්ම සදහන් කර ඇත්තේ බැංකු පොලී අනුපාතික ඉහළ යෑමත් සමග ජීවන වියදම ලිහිල් කිරීම සඳහා රජය කඩිනම් වැඩපිලිවෙලක් නිර්මාණය කිරීම වඩාත් සුදුසු බවයි.

ජීවන වියදම පාලනය සඳහා විසඳුම් අවශ්‍ය ක්ශේත්‍ර පිළිබද සඳහන් කරමින් සියයට 84 කට වැඩි පිරිසක් කියා සිටියේ බලශක්ති බිල්පත් පාලනය අත්‍යවශය බවයි.

මේ අතර සියයට 81 කට වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල පාලනය සදහා යම් සහනයක් ලබා දීමට රජය මැදිහත්විය යුතු අතර සියයට 77 ක් පවසා ඇත්තේ රජයේ වියදම් කපා හැරීම මගින් උද්ධමනය පාලනය කල හැකි බවයි.

මත විමසුම සදහා පුද්ගලයින් 1220 දෙනෙකු සහභාගී වු අතර ඉන් සියයට 53 ක් කියාසිටියේ අඩු ආදායම්ලාභි පවුල් ඒකක සදහා මූල්‍ය ආධාර ලබා දීමට රජය කටයුතු කිරීම වැදගත් බවයි.

බදු වියදම් යම්තාක් දුරට අඩු කරමින් පුද්ගල ජීවන වියදම පාලනය සඳහා රජය කැපවිය යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව තිබුණා.

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »