ඕස්ට්‍රේලියාවේ COVID එන්නත ලබා දීමේ සැලැස්මට අනුව වයස් කාණ්ඩ වෙන් කෙරේ. ළමුන් පෙළගැස්මේ අන්තිම තැනට​! 

ඕස්ට්‍රේලියාවේ COVID එන්නත ලබා දීමේ සැලැස්මට අනුව වයස් කාණ්ඩ වෙන් කෙරේ. ළමුන් පෙළගැස්මේ අන්තිම තැනට​! 

Australia’s COVID vaccine rollout blueprint revealed, includes separation of age brackets.

කොරෝනා වෛරස් එන්නත ඕස්ට්‍රේලියානුවන්ට ලබා දීමේ සැලැස්ම දෙස බැලීමේදී සෞඛ්‍ය අවදානම් සහ වයස් සීමාවන්ට අදාල​ පුද්ගලයින් අතරේ බෙදා හැරීමේ ක්‍රම වේදයක් අනුගමනය කරන බවට රජය දැනුම් දේ .

ඒ අනුව​, COVID-19 වලින් සංකූලතා වර්ධනය වීමට හෝ මියයාමේ අවදානමට ලක්ව ඇති අය සඳහා මෙම සැලැස්ම ප්‍රමුඛතාවය දෙයි.

ඔවුන් හැරුණු කොට ඕස්ට්‍රේලියානුවන් මෙම සැලැස්මට අනුව​ වයස් කාණ්ඩ 12 කට බෙදා ඇත.

වයස අවුරුදු 70 සහ ඊට වැඩි අයට මුලින්ම එන්නත ලබා දෙන අතර පසුව වයස අවුරුදු 65 ත් 70 ත් අතර වැඩිහිටියන් සඳහා එන්නත ලබා දෙනු ඇත.

සෞඛ්‍ය සේවා සහ වයස්ගත සත්කාරක සේවකයින්ට ද ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

මේ අතර, ළමයින් අන්තිමට පෙළ ගැසෙනු ඇත. වයස අවුරුදු 18 ට අඩු අයට 2022 වන තෙක් එන්නත නොලැබෙන බව වැටහේ.

මෙම කාලරාමුවේ නිශ්චිත බව​ රඳා පවතින්නේ ඕස්ට්‍රේලියාවේ එන්නතක් අනුමත කළ විට පමණි.

ඕස්ට්‍රේලියාව ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් සඳහා බලාපොරොත්තු තබා ඇති අතර, මාර්තු මාසයේදී ඒ සඳහා අනුමැතිය ලබා දිය හැකිය.

(7News)

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »