Cash rate අගය 4.35% දක්වා ඉහළට – වසර 12 කට පසු ඉහළම අගය

Cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සියයට 4.10 ක් ලෙස පැවති cash rate අගය සියයට 4.35 දක්වා ඉහළ යනු ඇති.

2022 වසරේ මැයි මාසයෙන් පසු පොළී අනුපාතික ඉහළ දමනු ලැබූ 13 වන අවස්ථාව මෙයයි.

2011 වසරේ නොවැම්බර් මාසයෙන් පසු ඔස්ටේ්‍රලියාවේ cash rate අගය මෙතරම් ඉහළම අගයකට පැමිණි පළමු අවස්ථාවද මෙයවීම විශේෂත්වයක්.

ඩොලර් ලක්ෂ 05 ක නිවාස ණයක් ගෙන ඇති අයෙකුට අද සිදුකල පොළී අනුපාතික ඉහළ දැමීමත් සමග මාසික වාරිකයේ වැඩිවීම ඩොලර් 76 ක් පමණ වනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ඒ අනුව මාස 18 ක් තුළ සිදුවූ සමස්ත වාරික ඉහළයාම ඩොලර් 1,210 ක් වනු ඇති.

ඩොලර් මිලියනයක පමණ ණයක් ගෙන ඇති අයෙකුගේ එම වාරික ඉහළයාම ඩොලර් 2,420 ක් ලෙසට තක්සේරු කර තිබෙනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »