පලස්තීන හිතවාදීන් මෙල්බන් කප් තුරග තරග පිටිය අසල විරෝධතාවයක

පලස්තීන හිතවාදීන් විශාල පිරිසක් මෙල්බන් කප් තරගාවලිය පැවැත්වෙන ෆ්ලෙමින්ග්ටන් තුරග තරග පිටිය අසල විරෝධතාවයක නිරත වනවා.

පිවිසුම් මාර්ග රැසක් අවහිර කරමින් ඔවුන් උද්ඝෝෂණවල නිරත වන ආකාරයක් දක්නට හැකියි.

කෙසේවෙතත් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බැවින් මෙල්බන් කප් තරගාවලිය නැරඹීමට පැමිණෙන්නන්ට එයින් බාධාවක් නොමැති බවයි අවධාරණය කෙරෙන්නේ.

80,000 කට ආසන්න පිරිසක් අද තරගාවලිය නැරඹීමට පැමිණෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙවර පැවැත්වෙන්නේ 163 වන මෙල්බන් කප් තරගාවලියයි.

මළ සිරුරක් හඳුනා ගන්න සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර සහාය ඉල්ලයි

මරුචි (Maroochy) ගඟෙන් සොයාගත් අබිරහස් මළ සිරුර හඳුනා ගැනීම සඳහා සන්ෂයින් කෝස්ට් පොලිසිය ජාත්‍යන්තර පොලිසිය හරහා ගෝලීය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

නිවසක් ගන්න බලාගෙන ඉන්න අයට කුලී නිවාස මිල ගැන දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ අගනුවර ප්‍රදේශයන්ට සාපේක්ෂව අනෙක් කලාපවල ද කුලී නිවාස මිල ගණන දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ අපරාධයට සම්බන්ධ සැකකාර ළමයාගේ පෙර වැරදි හෙළිවෙයි

සිඩ්නි දේවස්ථානයක් තුළදී ඊයේ රාත්‍රියේ පිහි ඇනුම සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකාර 15 හැවිරිදි පිරිමි ළමයා මීට මාස තුනකට පෙර පිහියෙන් ඇනීමේ අපරාධයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අයෙක් බවට හෙළිවී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර කේක් නිර්මාණ තරගයකින් ශ්‍රී ලාංකිකයෙකුට රන් පදක්කම

ඔස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර කේක් තරඟාවලියකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් වන නිෂා පොල්හේන සමත්ව තිබෙනවා.

Read More »