Search

$ මිලියන 11 ක නීති විරෝධී e-දුම්වැටි ටොන් 35 ක් ඔස්ට්‍රේලියාව පුරා වැටලීම් මාලාවකදී ආරක්ෂක අංශ භාරයට

ඩොලර් මිලියන 11 කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධී ඉලෙක්ට්‍රොනික දුම්වැටි ටොන් 35 කට අධික ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව පුරා සිදුකල වැටලීම් මාලාවකදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

මෙම e – දුම්වැටි අතුරින් අති බහුතරයක නිකොටීන් අඩංගු බවටයි තහවුරු කරගෙන ඇත්තේ.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලදීයි මෙම වැටලීම් සිදුකර තිබුණේ.

මේ අතර සිඩ්නි නගරයේ විවිධ අපරාධ සඳහා යොදා ගැනීමට මංකොල්ල කන ලද ඩොලර් මිලියන 02 කට අධික වටිනාකමින් යුත් මෝටර් රථ 27 ක් සමග සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෝෂ් සහ ෆෝර්ඩ් වැනි මිළ අධික වාහන ද ඒ අතර වන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

වෙඩි තැබීම් වැනි සංවිධානාත්මක අපරාධ සඳහා යොදා ගැනීමටද මෙම වාහන යොදා ගැනීමට සැළසුම් කර තිබී ඇති බවටද තහවුරු කරගෙන තිබෙනවා.