Search

ඔස්ට්‍රේලියාවේ සංචාරයකට චීන ජනපතිට ආරාධනා

ඔස්ට්‍රේලියාවේ සංචාරයකට පැමිණෙන්නැයි අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් චීන ජනාධිපති ෂී ජිංපින් වෙත ආරාධනා කර තිබෙනවා.

ඔහු එම ආරාධනය පිළිගනු ලැබූ බවයි බෙයිජිං නුවර පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා සඳහන් කලේ.

නායකයන් දෙදෙනා අතර නිල හමුව ඊයේ පැවැති අතර එහිදී කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

කෙසේවෙතත් (AUKUS) ඕකස් ආරක්ෂක ගිවිසුම ඇතුලු සංවේදී කරුණු පිළිබඳ අවධානයක් යොමු නොකෙරුණු බවද අගමැති ඇල්බනීස් තහවුරු කරනු ලැබුවා.

චීනය සහ ඔස්ට්‍රේලියාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීම පිළිබඳවද සාකච්ඡා තර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර රැකියා දෙනවා කියා ශ්‍රී ලාංකිකයෙකුගෙන් රු.මිලියනයක් වංචා කරලා

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙන බවට පවසා මුදල් ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන්නැයි ශ්‍රී ලංකා පොලිසිට ජනතාව දැනුවත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Citizenship ගත් ප්‍රධාන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත්

2023–24 මූල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාව ලබාගත් සංකමණික රටවල් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

‘වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය’ ජීවිත අවදානම නොතකා සේවයට කැපවූ වීරවරියකට

“වසරේ ඔස්ට්‍රේලියානුවා” සම්මානය සදහා 2024 අප්‍රේල් 13 බොන්ඩි හන්දියේ දී සිදුවූ පිහි ඇනුම්වලට සම්බන්ධ ඝාතකයාව නැවැත්වූ සිඩ්නි පොලිස් නිලධාරියාව නම් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා පොලීසිය වසරක මෙහෙයුමකින් වෙන්න ගිය විශාල අපරාධයක් මැඩලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රැම්පියන්ස් ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරනු ලබන ඩොලර් බිලියන 50ක් පමණ වටිනාකමින් යුත් රසායනික ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

Read More »

මුහුණු ආවරණය කරගත් මංකොල්ල කණ්ඩායමක් ගැන මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

මුහුණු ආවරණය කර ගනිමින් මෙල්බන්හි නිවසකට පැමිණි මන්කොල්ල කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලීසිය ජනතාවට දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »