NAPLAN විභාගය අහෝසි කල යුතු බවට බටහිර ඔස්ට්‍රේලියානු ගුරු සංගමයක් විසින් නිර්දේශ කර තිබෙනවා.
ස්වාධීන පාසැල් සඳහා නව සමාලෝචනයක් සිදුකරන ලෙසටයි හිටපු බටහිර ඔස්ට්‍රේලියානු අගමැති කාමන් ලෝරන්ස්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති, අධ්‍යාපන පද්ධතිය පිළිබද නවතම කමිටු වාර්තාවේ දක්වා ඇත්තේ.
NAPLAN විභාගයෙන් විමසා බැලෙන සිසුන්ගේ සාක්ෂරතාව ඇතුලූ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ වාර්තා අහෝසි කිරීම එහි තවත් නිර්දේශයක්.
පසුගිය වසර 10 ක කාලය තුළ අධ්‍යාපන පද්ධතියේ සිදුවු වෙනස්කම් සැලකිල්ලට ගනිමින් නව තස්සේරුවක් සිදුකිරීමද යෝජනා අතර වනවා.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ස්වාධීන පාසල් දැඩි ලෙස නියාමනය කල යුතු අතර විශේෂ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් වු පන්ති කාමර පිළිබද වැඩි අවධානයක් යොමු කල යුතු බවයි.
විශේෂයෙන් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ගුණාත්මක අධ්‍යාපනය සඳහා ප්‍රවේශයට වු සම අයිතිවාසිකම් ගිලිහි ගොස් ඇති බව ගුරු සංගම් පෙන්වා දී තිබෙනවා.
මේ අතර ස්වාධීන රාජ්‍ය පාසල් හි වියදම් විගණනය සදහා වාර්ශික විගණනයන් සිදුකිරීමට අදාළ යෝජනා ද එහි ඇතුලත්.
සමස්ථ අධයාපන පද්ධතිය ප්‍රශස්ත මට්ටමක් කරා ගමන් කිරීමට අදාළ නිර්දේශ ඇතුලූත් කමිටු වාර්තා නිසි ලෙස ක්‍රියාවට නංවන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලා සිටින්වා.