මෙල්බන් කප් තරගාවලිය අද – වික්ටෝරියා මත්පැන් නීතිවල වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම තුරග තරගාවලියක් ලෙස සැළකෙන මෙල්බන් කප් තරගාවලිය අද පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ අද දිනයේ පොදු නිවාඩු දිනයක් ලෙසද අනුගමනය කෙරෙනවා.

මෙල්බන් කප් දිනය සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ මත්පැන් පරිභෝජනය අධිකවම සිදුවන දිනයක් ලෙසයි.

කෙසේවෙතත් අද දිනයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානය වරදක් ලෙස නොසැළකීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව මත්පැන් පානය හමුවේ අන් පුද්ගලයන්ට අපහසුවක් ඇතිවන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් අද දිනයේදී අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ.

ඔවුන් වෙනම ස්ථානයක රඳවා තැබීමක් පමණක් සිදුවන බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

මෙල්බන් කප් දිනයේදී මත්පැන් සම්බන්ධ නීති ලිහිල්ව පැවති නමුත් 2017 වසරේදී සිදුවූ මරණයක් සමග එම නීති යළි දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට සිදුවුණා.

මේ අතර නීති ලිහිල් කිරීම් හරහා කළහකාරීව හැසිරෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අනාවැකි පළකරනවා.

ඒ අනුව රාජකාරිවල නිරත පොලිස් නිළධාරීන් ගණන වැඩි කිරීමද ගැටලූවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පොදු ස්ථාන වල බීමත්ව හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ බලතල පොලීස් නිලධාරීන් වෙත ලබාදීමට කල යෝජනාව ද ප්‍රාන්ත රජය විසින් ප්‍රතික්ශේප කර තිබුණා.

කෙසේ වෙතත් අද දිනෙන් පසු පොදු ස්ථානවල බීමත්ව කළහකාරීව හැසිරෙන පුද්ගලයින් තාවකාලිකව මධ්‍යස්ථාන 03 ක රඳවා තැබීමට නියමිතයි.

අද පැවැත්වෙන මෙල්බන් කප් තරගාවලියට සමගාමීව ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇති අතර අමතර පොලිස් නිලධාරින් සේවයේ යෙදවීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර අද දිනයේදී මෙල්බන් නගරයට වර්ෂා සහිත කාළගුණයක් පැවතිය හැකි බවටද අනාවැකි පළවනවා.

බොහෝදුරට පස්වරු 02 න් පමණ පසු අකුණු සහිත ධාරාණිපාත වැසි පවා අපේක්ෂා කෙරෙන බවයි කාළගුණ අංශ නිවේදනය කලේ.

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 7ක් ජීවිතක්ෂයට

සිඩ්නි හි නැගෙනහිර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ සාප්පු මධ්‍යස්ථානයේදී සිදු වූ පිහි ඇනුමෙන් සහ වෙඩි තැබීමෙන් ප්‍රහාරකයා ඇතුලු පුද්ගලයන් 7දෙනෙකු මියගොස් තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් 4ක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි තොරතුරු

සිඩ්නි වෙස්ට්ෆීල්ඩ් හි සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුම් සහ වෙඩි තැබීමේ සිදුවීම හේතුවෙන් පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයක පිහි ඇනුමක් සහ වෙඩි තැබීමක්

සිඩ්නි නැගෙනහිර ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ්හි සාප්පු මධ්‍යස්ථානයක් තුළ සිදු වූ පිහි ඇනුමක් සහ වෙඩි තැබීමකින් පසු ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී තිබෙනවා.

Read More »

සංක්‍රමණිකයන්ගේ බවට සැක කෙරෙන මළ සිරුරු දෙකක් හමුවෙයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කන්ටේනරයක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයා ගැනීමෙන් පසු පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Read More »