Search

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට බලපාන තීරණයක් අද

නොවැම්බර් මාසයට අදාළ පොළී අනුපාතික තීරණය ෆෙඩරල් සංචිත බැංකුව විසින් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

උද්ධමනය ඉහළයාම ඇතුලු සාධක කිහිපයක් හමුවේ මෙවර cash rate අගය ඉහළ දැමෙනු ඇති බවටයි ආර්ථික විද්‍යාඥයන් සහ ප්‍රධාන බැංකු වසින් පුරෝකථනය කර ඇත්තේ.

ඒ අනුව cah rate අගය පදනම් ඒකක 25 කින් ඉහළ යනු ඇති බව සඳහන්.

දැනට සියයට 4.10 ක් ලෙස පවතින ඔස්ට්‍රේලියාවේ cah rate අගය ඒ අනුව සියයට 4.35 දක්වා වැඩිවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එසේ වුහොත් වසර 12 කට පසු එනම් 2011 වසරේ නොවැම්බර් මාසයෙන් පසු ඔස්ට්‍රේලියාව තුළ cash rate අගයේ ඉහළම සටහන්වීම වාර්තාවීමට නියමිතයි.

ඒ අනුව මෙම වසර තුළදී පොළී අනුපාතික අගය ඉහළ යන 05 වන අවස්ථාව මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේ සිට cash rate අගය වැඩි වූ 13 වන අවස්ථාව බවට එය පත්වනවා.

ඩොලර් 750,000 ක උකස් ණයක් ගෙන ඇති අයෙකුගේ පසුගිය මාස 18 තුළ වාරික වැඩිවීම ඩොලර් 1,815 දක්වා ඉහළ යනු ඇති.

උද්ධමනය පාලනය සඳහා ඉදිරි මාසවලදීත් පොළී අනුපාතික ඉහළ දැමීමට සිදුවනු ඇති බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළකර තිබෙනවා.

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියා බැංකු cashless වෙන්න ATM වැසීමෙන් ගණුදෙනුකරුවන් අමාරුවේ

ඔස්ට්‍රේලියාවේ මුදල් රහිත සමාජයක් පිළිබඳ කථිකාවක් පැවතුණ ද භෞතික මුදල් භාවිතය නැවත පැමිණීමට ඉඩ ඇති බව මෙම සතියේ නිකුත් වූ සංචිත බැංකුවේ නව දත්ත මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩකයෙක් ඔස්ට්‍රේලියා පාපන්දු කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එයි

ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත පාපන්දු ක්‍රීඩකයෙකු ඔස්ට්‍රේලියාවේ පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දක්වමින් ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇති බවට වාර්තා වනවා.

Read More »

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ

දෙසැම්බර් පළමු වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යානවල සහ සාමාන්‍ය වනාන්තරවල කඳවුරු භූමිවල නොමිලේ කඳවුරු බැඳීම සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

Read More »