සෞඛ්‍ය සම්පන්නවීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට මාංශ අනුභවයෙන් වැළකී නිර්මාංශ වීමට ඔස්ට්‍රේලියානුවන් අතුරින් බහුතරයක් කිසිසේත් කැමති නොවන බව නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.
කෙසේවෙතත් පරිසරය ආරක්ෂණය වෙනුවෙන් සහය දීමට තමන් සූදානම් බවයි සමීක්ෂණයට එක්වූවන් පෙන්වා දී ඇත්තේ.
අවුරුදු 18 ත් 84 ත් අතර ෆේස්බුක් පරිශීලකයන් 700 ක් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා.
මාංශ පරිභෝජනය අතින ලොව ප්‍රමුඛ පෙලේ රාජ්‍යයක් ලෙස ඔස්ට්‍රේලියාව සැළකෙන අතර 2018 වසරේ ඒක පුද්ගල මස් පරිභෝජනය අතින් ලොව දෙවන ස්ථානය බවට ඔස්ටේ්‍රලියාව පත්ව තිබුණේ අමෙරිකාවට පමණක් පසුපසින් සිටිමිනුයි.
විශේෂයෙන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි පිරිසක් තම දෛනික ආහාර වේල නිවසේදී සකසා ගැනීමෙන් තොරව පිටතින් ලබා ගැනීමට පුරුදු වී ඇති අතර එහිදි නිර්මාංශ ආහාර වේලක් සදහා අවන්හල් තුල වැඩි අවකාශයක් නොමැති වීම මීට මූලික හේතුවයි.
ඒ අනුව සමීක්ෂණයට සහභාගීවුවන් අතුරින් තුනෙන් දෙකක් පමණ නිර්මාංශ ආහාරවේලක් සදහා අවස්ථාව නොමැතිකමින් මාංශ අනුභවය සදහා පුරුදු වි ඇති බවයි හඳුනාගෙන ඇත්තේ.
පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මස් පරිභෝජනය අවම කිරීම, දේශගුණික විපර්යාස මගින් සිදුවන බලපෑම පාලනයට ද උපකාරී වන බවයි.
අදාළ පර්යේෂණය මගින් ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.