ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ. – AusLanka TV – Australian News for the Sri Lankan community

ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ.

ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ.

ඕස්ට්‍රේලියානුවන් සිය රාජ්‍ය සේවය විශ්වාස කරනවාද නැද්ද​? රජය විසින් සිදු කරන ලද​ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වේ.

ඕස්ට්‍රේලියානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵ​ලවලට අනුව, COVID -19 වසංගතය තුළ රාජ්‍ය සේවය කෙරෙහි ඕස්ට්‍රේලියානුවන් තුල​ විශ්වාසය වැඩි වී තිබේ.

එහෙත් තොරතුරු දැන ගැනීමේ නිදහස යටතේ කලින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵල හා සැසඳීමේදී මෙවර ගණනය කිරීම් වලට රාජ්‍ය සේවය “තරමක් විශ්වාස කරන” ප්‍රතිචාර දැක්වූවන් ඇතුලත් කිරීමෙන්  ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලය ප්‍රතිඵල උද්ධමනය කර ඇති බව පෙනේ.

ඕස්ට්‍රේලියානුවන් 15,000 කගේ පුරවැසි අත්දැකීම් සමීක්ෂණයේ ප්‍රතිඵල දෙපාර්තමේන්තු ලේකම් ෆිල් ගේට්ජන්ස් අඟහරුවාදා නිකුත් කළේය.

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය පරිපාලන ආයතනය සමඟ අදහස් දක්වමින් ගේට්ජන්ස් පිළිගත්තේ සමීක්ෂණය ප්‍රථම වරට පවත්වන විට  එනම් 2019 මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියානුවන් අතරේ රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය අඩු මට්ටමක පැවති බවයි.

අභ්‍යන්තර වාර්තාවේ සඳහන් වූයේ 2019 මාර්තු මාසයේදී “රාජ්‍ය සේවය කෙරෙහි විශ්වාසය අඩු” බවයි. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් එකකටත් වඩා අඩු සංඛ්‍යාවක් (31%) ඕස්ට්‍රේලියානු රාජ්‍ය සේවාවන් විශ්වාස කළ හැකි බව වාර්තා විය​.

නැවත සකස් කරන ලද ලේඛනයට අනුව, රාජ්‍ය සේවයට “සියලු ඕස්ට්‍රේලියානුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා වෙනස්කම් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි” බව හතරෙන් එකක් (25%) විශ්වාස කරන බවයි.

අඟහරුවාදා(15/11), දෙපාර්තමේන්තුව ප්‍රතිඵල නිකුත් කළේ රාජ්‍ය සේවය පිළිබඳ විශ්වාසය 59% ක් දෙනා අතර පවතින බවත්, 28% ක්රාජ්‍ය සේවය “තරමක් විශ්වාස කරන” බව පැවසූ ප්‍රතිචාර දැක්වූවන් ද එම විශ්වාසය තැබූවන් අතරට එක් කර ඇති බවත් සඳහන් වේ.

ඒ හා සමානව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 51% ක් එක්කෝ “සම්පුර්ණයෙන්ම තෘප්තිමත්” හෝ “රාජ්‍ය සේවයෙන් සෑහීමකට” පත් වූ අතර, ඔවුන් “තරමක් තෘප්තිමත්” යැයි පැවසූ 20% දෙනා ඇතුළත් කළ විට එය 71% දක්වා ඉහළ ගියේය.

ඕස්ට්‍රේලියානුවන් හට​ “ගෞරවයෙන් සැලකීම” 2019 මාර්තු මාසයේදී 58% සිට 2020 ජුනි මාසයේදී 66% දක්වා ඉහළ ගොස් ඇති අතර “කාර්ය මණ්ඩලය ඔවුන් පැවසූ දේ ඉටු කිරීම​” 54% සිට 62% දක්වා ඉහළ නංවනු ඇත.

2020 ජුනි මාසයේදී “රාජ්‍ය සේවයෙන් ප්‍රතිඵලක් ලබා ගැනීමට ගතවන කාලය පිළිගත හැකි” යැයි කියා සිටියේ 51% පමණක් වන අතර “සේවයෙන් ලැබෙන තොරතුරු තේරුම් ගැනීම පහසුය” යනුවෙන් 57% ක් එකඟ වූහ.

ගේට්ජෙන්ස් පැවසුවේ ප්‍රතිඵල මඟින් “ඕස්ට්‍රේලියානුවන් ඔවුන් භාවිතා කරන ඕස්ට්‍රේලියානු මහජන සේවාවන් කෙරෙහි දැඩි විශ්වාසයක් හා තෘප්තියක් පෙන්නුම් කරන බවයි. ”

(The Guardian)

COMMENTS