Search

ටස්මේනියා පොදු පාසැල්වල එළිමහන් ක්‍රියාකාරකම් රැසක් අත්හිටුවයි

ටස්මේනියා ප්‍රාන්තයේ පොදු පාසැල්වල සිසුන් සඳහා වන එළිමහන් ක්‍රියාකාරකම් රැසක් දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව අශ්වයින් පැදීම, අශ්වයින් හැසිරවීම, බයිසිකල් පැදීම්, ගුහා නිරීක්ෂණ සහ සතුන් සමග කෙරෙන ක්‍රියාකරකම් ගණනාවක් අත්හිටුවීමටයි ප්‍රාන්ත අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

එළිමහන් ක්‍රියාකාරකම්වලදී සිසුන්ගේ ආරක්ෂාව ඇතුලූ සමාලෝචන සිදුකිරීම හේතුවෙන් මෙම අත්හිටුවීම් සිදු කර ඇති බව සඳහන්.

අදාළ සීමාවන් ටස්මේනියානු පොදු පාසැල්වල ප්‍රාථමීක ශ්‍රේණිවල සිට 12 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා බලාත්මක වන අතර පෞද්ගලික පාසැල් සඳහා අදාල සීමා මෙතෙක් පනවා නැහැ.

මේ හේතුවෙන් අශ්වයන් සම්බන්ධ අභ්‍යාස සඳහා පත්කර සිටින පුහුණුකරුවන්ගේ රැකියාවලටද තර්ජනයක් මතුව ඇති අතර පුහුණුකරුවන් පවසන්නේ සියලූ ආරක්ෂිත උපායමාර්ග අනුගමණය කරමින් අදාළ අභ්‍යාස තමන් විසින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් ටස්මේනියානු අධ්‍යාපන අමාත්‍ය රොජර් ජේන්ච් අවධාරණය කළේ පාසැල් සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය බැඳී සිටින අතර සතුන් ආශ්‍රිත එළිමහන් ක්‍රියාකාරකම්වල ආරක්ෂාව පිළිබඳ සමාලෝචනය අවසන් වන තෙක් පමණක් අදාල තහනම පණවා ඇති බවයි.

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »