වසර 15 කට ඇඩිලේඩ් ආ පැන්ඩාවුන් දිගටම තියාගන්න ඉල්ලීමක්

වසර 15 ක කාලසීමාවක් සදහා චීන රජයෙන් ලබාදුන් පැන්ඩා සත්ව යුවල තවදුරටත් ඔස්ට්‍රේලියාවේ රදවා ගැනීමට අවස්ථාව ලබා දෙන මෙන් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චීන රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ වන විට ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ වාසය කරන Wang Wang සහ Fu Ni (වැං වැං සහ ෆූ නි) යන පැන්ඩා යුවල 2009 වසරේ නොවැම්බර් මස චීනය විසින් වසරකට ඩොලර් මිලියණයක ණය පදනම මත ලබාදී ඇති අතර 2024 වසරේ නොවැම්බර් මස අදාළ කාලසීමාව අවසන් වනු ඇති.

එම පැන්ඩා යුවල තවදුරටත් ඇඩිලේඩ් සත්වෝද්‍යානයේ සිටිනු දැකීම ඔස්ට්‍රේලියාවේ  අරමුණ බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් නිල සංචාරයක් සදහා මේ දින වල චීනය වෙත ගොස් ඇති අතර පැන්ඩාවුන් සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් හා සාකච්ඡා පැවැත්වීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

චීනය 1941 වසරේ සිට පැන්ඩා සතුන් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කර ඇති අතර රටවල් කිහිපයකට පැන්ඩා සත්වයන් මේ වනවිටත් ලබා දී තිබෙනවා.

මේ අතර වසර 50 ක් පුරා බලාත්මක වූ ගිවිසුමක් අවසන් කර අමෙරිකාවට තවදුරටත් පැන්ඩාවුන් ලබා නොදීමටද චීනය තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »